කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ලංකා දුම්කොළ සමාගම විසින් නව සිගරට්ටුවක් නිකුත් කිරීම

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

පසුබිම

දුම්කොළ සමාගම් විසින් විවිධ අලෙවිකරණ සහ වෙළඳ ප්‍රචාරණ උපාය මාර්ග හරහා කාන්තාවන් හා ගැහැණු ළමුන් ඉලක්ක කරන බව ගෝලීය සාක්ෂි මගින් හෙළිදරව් කරයි.[1][2] දිගු, අතිශය සිහින්, ලා පැහැති, අඩු තාර සහිත සහ විවිධ රසැති සිගරට් හඳුන්වා දීම ඔවුන් භාවිතා කරන එවැනි ක්‍රමෝපායන් වේ. මෑතකාලීන සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල එම සිගරට් භාවිතය වැඩි වී ඇති බවයි.[2][3][4]

ලංකා දුම්කොළ සමාගම (CTC) යනු ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය සහ අලෙවියෙහි දේශීය වෙළඳපොල ඒකාධිකාරය සතු බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට අනුබද්ධිත ආයතනයකි. පහත දැක්වෙන පරිදි ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් 2018 ජූලි මාසයේ දී "පලතුරු රසැති" සිගරට්ටුවක් හඳුන්වා දෙන ලදී.

රූපය 1: පලතුරු රසැති සිගරට්ටුවක් හඳුන්වා දීම සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කිරීම[5]

නව සිගරට්ටුවක් හඳුන්වා දීම

ලංකා දුම්කොළ සමාගම (CTC) රතු බෙරී රසය සහිත නව සිගරට්ටුවක් හඳුන්වා දුන් බව ජාතික පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ලදී. ශ්‍රී ලංකාවේ වඩාත් සුලබව අලෙවි කරන සිගරට් වෙළඳනාමය වන ජෝන් ප්ලේය(ර්) ගෝල්ඩ් ලීෆ් වෙළඳ නාමයෙහි "රේඛීය දිගුව" ලෙසට එය වාර්තා කර ඇත. එහි "පර්යේෂණ විශ්ලේෂකයින්ගේ" නම් සඳහන් නොවන අතර එය "නව කොටස් -සමහර විට කාන්තාවන් ආකර්ෂණය කර ගැනීම සඳහා වන ලංසුවක්" ලෙසට එම ලිපිය තවදුරටත් උපුටා දක්වයි (රූපය 1). ලංකා දුම්කොළ සමාගම (CTC) එය ස්ථිර එකතුවට එක් කිරීමට පෙර එහි "ඵලදායීතාවය හා පිළිගැනීම" නිරීක්ෂණය කරනු ඇති බවට ඒෂියා සෙකියුරිටීස් ලිමිටඩ් හි පර්යේෂණ විශ්ලේෂක මංගලී ගුණතිලකගේ ප්‍රකාශය දක්වමින් වාර්තා විය. [5][6] "වෙළෙඳපොළ නිර්මාණය, වෙළඳාම සහ ජාත්‍යන්තර ප්‍රමිතිගත පර්යේෂණ සඳහා අපගේ විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය වශයෙන් පිළිගැනීම, අපි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ස්වාධීන කොටස් තැරැව්කාර සමාගමයි' යනුවෙන් ඒෂියා සෙකියුරිටීස් ඔවුන්ගේ වෙබ් අඩවියේ තමන්ව හඳුන්වනු ලබයි. [7]

කෙසේ වෙතත්, එම පුවත්පත එවැනි හඳුන්වා දීමක් වාර්තා කළ ද, ටුබැකෝ අන්මාස්ක්ඩ් කණ්ඩායමට සිල්ලර කඩවලින් එම සිගරට්ටුව සොයාගත නොහැකි වූ අතර එය වෙනත් පුවත්පත්වල ද වාර්තා නොවීය.

ලංකා දුම්කොළ සමාගම (CTC) කාන්තාවන් හා ගැහැණු ළමයි ඉලක්ක කිරීමේ ඉතිහාසය

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් සිගරට් ප්‍රවර්ධනය කිරීම සඳහා කාන්තාවන් ඉලක්ක කරන බවට සාක්ෂි තිබේ. ලංකා දුම්කොළ සමාගම (CTC) ගැහැණු ළමයින් දුම්පානයට යොමු කිරීම සඳහා 1997 දී බෙන්සන් හා හෙජස් "ගෝල්ඩන් ටෝන් ඩිස්කෝ" හි "තීව්‍ර" ලෙස සිගරට් ප්‍රවර්ධන කළ අතර නොමිලේ ප්‍රවේශ පත්‍ර ද ලබා දුන් බව පර්යේෂණ ප්‍රකාශනයක වාර්තා විය. ලංකා දුම්කොළ සමාගමට අනුබද්ධ ආයතනයක් වන සී.ටී.සී. ඊගල් ලාංඡනය සහිත ව මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉදිරිපස බිත්තියේ මාර්ග ආරක්ෂිත පණිවිඩයක් ප්‍රදර්ශනය කර තිබූ ආකාරය එම ප්‍රකාශනය විස්තර කරයි. කරුණාකර වැඩි විස්තර සඳහා සී.ටී.සී. ඊගල් අපගේ පිටුවට පිවිසෙන්න. [8]

පොදු ස්ථානවල නොමිලේ සිගරට් සහ ප්‍රවර්ධන අයිතමයන් බෙදා හැරීම වැනි ඔවුන්ගේ අලෙවිකරණ අරමුණු සඳහා තරුණ ගැහැණු ළමයින් බඳවා ගැනීම ලංකා දුම්කොළ සමාගම (CTC) සිදු කරයි.[8] එසේම, ඔවුන් තරුණ ආකර්ශනීය කාන්තාවන්ට ඉහල වැටුපක් ගෙවමින් "ආදර්ශකයක්" ලෙසට භාවිතා කරමින් තරුණ ගැහැණු ළමුන් අතර සිගරට් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදවයි.[9]

TobaccoUnmasked සම්පත්

මූලාශ්‍ර

  1. McCormick, Brendan J. FW: Abc News Special - Women And Smoking, Philip Morris International Records, Truth Tobacco Industry Documents Library, 11th July 2001, accessed March 2019
  2. 2.0 2.1 Asian Consultancy on Tobacco Control. Invited Review Series: Tobacco And Lung Health-Women And Tobacco, Philip Morris International Records, Truth Tobacco Industry Documents Library, 1st January 2003, accessed March 2019
  3. World Health Organization. Women and Tobacco, Philip Morris Records, 1992, accessed March 2019
  4. Campaign for Tobacco Free Kids. Tobacco Industry Targeting of Women and Girls, undated, accessed March 2019
  5. 5.0 5.1 D. E. Chandrasekera. CTC launches ‘fruit flavoured’ cigarette, Business Times, Sunday Times, 1st July 2018, accessed March 2019
  6. Sunday Times. CTC launches 'fruit flavoured' cigarette, 1st July 2018, accessed March 2019
  7. Asia Securities. About Us, website, undated, accessed April 2019
  8. 8.0 8.1 Tamsyn Seimon. Strategic marketing of cigarettes to young people in Sri Lanka: “Go ahead—I want to see you smoke it now”, BMJ Tobacco Control, 1st December 1998, accessed March 2019
  9. R. Warnasuriaya, P. Ranawaka. Plus-Lured by the fag, Sunday Times online, undated, accessed March 2019