ආරක්ෂක අමාත්‍යාංශය: අමාත්‍යවරු සහ නිලධාරීන්

From Tobacco Unmasked Sinhala
Jump to: navigation, search
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

දුම්කොළ කර්මාන්තය විසින් පසුකාලින ව විවිධ බලපෑම් සහ උපක්‍රම මගින් ඉලක්ක කරන ලද ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු මෙම පිටුව තුළ සඳහන් වේ. මෙම ලිපියෙහි සඳහන් පුද්ගලයන් හා සිදුවීම් පිළිබඳ විස්තරාත්මක තොරතුරු සඳහා අදාළ නම් සහ සබැඳි ක්ලික් කිරීමෙන් ප්‍රවේශ විය හැකිය.

මතු වන නවතම තොරතුරු සමඟ මෙම පිටුව අඛණ්ඩව යාවත්කාලීන කෙරේ. මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2019 ජුනි මාසයේ ය.

පසුබිම

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය රටක ආරක්ෂාව සම්බන්ධයෙන් ‍ප්‍රතිපත්ති හා ක්‍රීයාමාර්ග සම්පාදනය කරන හා ක්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු වේ.[1]

රූපය 1: ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය


මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති: ඩෙනිස් පෙරේරා

ඩෙනිස් පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ආදී උසස් තනතුරු දරමින් වසර 32ක් සේවය කළේය. ආරක්ෂක අමාත්‍යංශය මගින් මෙහෙයවනු ලබන රජය සතු උසස් අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) ප්‍රථම උපකුලපතිවරයා ඔහුය. [2][3]


දුම්කොළ කර්මාන්තය සමග ඇති සම්බන්ධතා

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගිය පසු, ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය සහ අලෙවිකරණයේ ඒකාධිකාරය දරන ‍බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමට අනුබද්ධිත ආයතනයක් වන ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වසර 16ක් (1986 - 2002) ද වසර 5ක් (1998 – 2002) එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය. [4][5] වැඩි විස්තර සඳහා ඩෙනිස් පෙරේරා පිටුව බලන්න

ආරක්ෂක ලේකම්: ගෝඨාභය රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂ රටේ සිවිල් යුද්ධය පැවති මුල් වසර වල උසස් තනතුරු දරමින් 1971 සිට 1992 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළේය. ඔහු ද ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය ආඥාපති ලෙස වසර 1991 - 1992 කාලයේ සේවය කළේය. ඔහු 5 නොවැම්බර් මාසයේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයා වශයෙන් පත් කරන ලද අතර 2015 ජනවාරි මස දක්වා එම තනතුර දැරීය. ඔහු එම කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරාය.

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

  • අනුග්‍රාහකත්වයන් ලැබීම
ගෝඨාභය රාජපක්ෂ පහත අවස්ථාවන් සඳහා ලංකා දුම්කොළ සමාගම (CTC) වෙතින් අනුග්‍රාහකත්වයන් ලැබීය
  • මාදිවෙල අපි වෙනුවෙන් අපි ආපන ශාලාව ඉදිකිරීම- 2012 නොවැම්බර් [7]


ලංකා දුම්කොළ සමාගමේ මූල්‍යාධාර මත ගිරිහඬු සෑය වන්දනාකරුවන් සඳහා විවේකාගාරයක් ඉදිකරන ලදී. ගෝඨාභය රාජපක්ෂ එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. [8][9][10][11]

වැඩි විස්තර සඳහා ගෝඨාභය රාජපක්ෂ පිටුව බලන්න.

TobaccoUnmasked සම්පත්


මූලාශ්‍ර

  1. Ministry of Defence Sri Lanka. Website, 2009, accessed June 2019
  2. Sri Lanka Army website. General Deshamannya Denis Perera Oration Delivered, 12 August 2016, accessed April 2017
  3. S Peiris. Denis Perera The General of All Generals, Daily Mirror, 10 October 2013, accessed April 2017
  4. Ceylon Tobacco Company PLC. Annual Report 2002, 2003, Colombo: CTC
  5. Island.lk, Ceylon Tobacco reports superior performance, upbeat for the future, 29 April 2003, accessed April 2017
  6. Daily FT MNCs extend support for ‘Api Wenuwen Api’ fund, 6 July 2013, Accessed January 2019
  7. Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, Accessed January 2019
  8. Asian Tribune. Secretary Defence declares opens Pilgrims Rest at Girihandu Seya, 21 July 2014, assessed August 2017
  9. The Island. Secretary Defence declares open Pilgrims Rest at Girihandu Seya,27 July 2014, assessed August 2017
  10. K.A.D Fonseka. Commemorative plaque, 02 October 2015, assessed December 2017
  11. Ministry of Defence and Urban Development Sri Lanka. Secretary Defence Declares Open Pilgrims’ Rest at Girihandu Seya, 19 July 2014