ලංකා දුම්කොළ සමාගම (CTC)

From TobaccoUnmasked
Jump to: navigation, search
ලංකා දුම්කොළ සමාගම (CTC) වෙබ් පිටුව, 2017 ජුලි

පසුබිම

ලංකා දුම්කොළ සමාගම (CTC) ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය සහ අලෙවිකරණ ඒකාධිකාරය දරයි. 84.13% ක කොටස් බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ (BAT)] සමාගම සතුය.[1] 1904-1911 කාල පරිච්ජේදය තුළ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකවීම ආරම්භවුවත් සමාගමක් ලෙස සිය මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ 1932 දීය.[2][3]

ලංකා දුම්කොළ සමාගම (CTC) දුම්කොළ වගාවේ සිට සිගරට් නිෂ්පාදනය දක්වා පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වේ. ශ්‍රී ලංකාවේ සිල්ලර ආනයනික සිගරට් ප්‍රමාණය 1% කි. එබැවින් ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳපොලේ විකිණෙන සිගරට් 99% ක් ලංකා දුම්කොළ සමාගම ට අයත් වේ.[4] ශ්‍රී ලංකාව සිගරට් නිෂ්පාදනය සඳහා භාවිතා කරන දුම්කොළවලින් 100% ක් ම රටතුළ වගා කරයි. එය 2014 දී දුම්කොළ ටොන් 3000 ක් පමණ විය.[5] ලංකා දුම්කොළ සමාගමේ සමස්ත වාර්ෂික ආදායමෙන් 1% ක පමණ දායකත්වයක් සිගරට් අපනයනය මගින් සපයයි. නිෂ්පාදන මෙහෙයුම් කර්මාන්තශාලා දෙකක් මගින් සිදුකෙරේ. ඒවා නම් කොළඹ කර්මාන්ත ශාලාව හා මහනුවර හරිත දුම්කොළ තෙරපීමේ මධ්‍යස්ථානය වේ.[1]

ලංකා දුම්කොළ සමාගම (CTC) හි සිගරට් වෙළඳ නාමයන් ලෙස ජෝන් ප්ලේඩ් ගෝල්ඩ් ලීෆ් (JPGL), ඩන්හිල්, බෙන්සන් සහ හෙජස් සහ කැප්ස්ටන් යන ඒවා වේ.[1]

අතීත හා වර්තමාන අධ්‍යක්ෂකවරුන් සහ සේවකයින්

ලංකා දුම්කොළ සමාගම, අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ විධායක කමිටුවක් මගින් පාලනය කරනු ලබයි. 2016 දී සභාපතිවරයාගේ සභාපතිත්වයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයින් හයකින් සමන්විත වූ අතර ඉන් 4 ක් විධායක නොවන අධ්‍යක්ෂකවරු විය. ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් යුත් විධායක කමිටුවක්ද ඇති අතර එය සාමාජිකයක් 07 දෙනෙකුගෙන් යුක්ත වේ. 2013 දී සුසන්ත රත්නායක CTC හි සභාපති සහ 2016 දී මයිකල් කෝස්ට් ප්‍රධාන විධායක නිලධාරි/ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස පත් කරන ලදී.[1] CTC ලංකා දුම්කොළ සමාගම හි අධ්‍යක්ෂක මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන් CTC වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.

2016 වන විට ලංකා දුම්කොළ සමාගම හි ස්ථීර සේවකයන් සංඛ්යාව 273 ක් වූ අතර සේවක පිරිවැටුම් අනුපාතය 7.3% කි. එක් සේවකයකුට වාර්තා කළ ආදායම රුපියල් මිලියන 445 ක් වූ අතර සේවකයාගේ වාර්තාගත ලාභය රුපියල් මිලියන 46 කි.[1]

පහත දැක්වෙන CTC සේවකයින් හා අධ්යක්ෂවරුන්ගේ තොරතුරු TobaccoUnmasked පිටු තුල සොයාගත හැකිය.

එමා රිඩ්ලි | දිනේෂ් වීරක්කොඩි | ඩෙනිස් පෙරේරා | කෙන් බාලේන්ද්ර | ලක්මාලි නානායක්කාර | මයිකල් කොස්ටය | රමේෂ් නානායක්කාර | රුක්ෂාන් ගුණතිලක | ස්ටැන්ලි වනිගසේකර | සුසන්ත රත්නායක

අනුබද්ධිතයන්

2017 දක්වා කාලය තුළ සී.ටී.සී. ට පහත සඳහන් අනුබද්ධ ආයතන සතු විය.

ආයෝජකයින්

2016 දෙසැම්බර් 31 වැනි දින වන විට CTC හි කොටස් හිමියන් සංඛ්යාව 3431 ක් විය. එය 2015 වසරේ සිට 185 න් අඩු විය. පහත සඳහන් වූයේ ප්රධාන වශයෙන් කොටස් කරුවන් 20 (පහත වැටෙන අනුපිළිවෙලෙහි):[1]

බ්‍රිටිෂ් ඇමෙරිකන් ටුබැකෝ හෝල්ඩින්ග්ස් (ශ්‍රී ලංකා) BV | FTR හෝල්ඩිංග්ස් SA | Pershing LLL SA Averbach Grauson & Co. HSBC INTL NOM LTD - SSBT-BMO ඉන්වෙස්ට්මන්ට්ස් 11 (අයර්ලන්තය) | HSBC INTL NOM LTD-ස්ටේට් වීදියේ ලන්ඩන් | උතුරු භාරකාර සමාගම S / A - Coupland කාඩිෆ් අරමුදල් PLC RBC ආයෝජක සේවා බැංකුව-කෝලි සික්වා | HSBC INTL NOM LTD-JPMCB-දිගුකාලීන ආර්ථික ආයෝජන අරමුදල | ජස්බින්ජයින්ට් කෞර් පීරා සිං | නීෂා හර්මන් | හර්මන් හෝල්ඩිංස් SDN BHD | HSBC INTL NOM LTD-SSBT ෆ්රෑන්ක් රසල් ට්රස්ට් සමාගම | HSBC INTL NOM Ltd - SSBT-ඩොයිෂ් බැංකුව | ලංකා බැංකුවේ අංක 1 ගිණුම | HSBC INTL NOM - UBS AG සුරුච් | HSBC INTL NOM LTD-JPMCB- | HSBC INTL NOM LTD-BMO LGM Frontier Markets Equity Fund

ඔවුන් කොටස් වශයෙන් 94.71% ක කොටස් හිමිකාරීත්වයක් දරයි. ලංකා බැංකුව හැරුණු විට අනෙකුත් සියල්ලම විදේශීය ආයෝජකයින් විය. [1]


විමර්ශන මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 Ceylon Tobacco Company PLC. Annual Report 2016, 2017, accessed May 2017
  2. British American Tobacco Website. Our history – a timeline, 2017, accessed May 2017
  3. Colombo Stock Exchange. Ceylon Tobacco Company PLC (CTC.N0000), 2017, accessed May 2017
  4. N.Arunathilake, M.Opatha, The Economics of Tobacco in Sri Lanka., Economics of Tobacco Control Paper No. 12, Tobacco Free Initiative, World Health Organization, 2003, accessed November 2016
  5. Sri Lanka Excise Department, Sri Lanka Excise Department Performance Report 2014, Colombo: Sri Lanka Excise Department, 2015, accessed November 2016